Health
රුව අවලස්සන කරන සමේ රෝගවලට විසඳුම්
පැහැපත් වූ සුවපත් සමක් ඇත්නම් ඔබට කෙතරම් සතුටු විය හැකිදරෑ සම යනු ශරීරයේ පිටතින්ම පවතින ඉතා වැදගත් කාර්යයන් ගණනාවක් ඉටුකරන ඉන්ද්රියකිග
සමෙන් ඉටුවන කාර්යයන් මොනවාදරෑ
ෆ සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීමග
ෆ සිරුරේ ඇතැම් ස්ථානවලට හැඩයක් ලබාදීමග
ෆ සිරුරෙහි උණුසුම නියත මට්ටමක තබා ගැනීමට දායක වීමග
ෆ ශරීරයට එකතු වූ විෂල අපද්‍රව්‍ය බහිස්රාවී ක්‍රියාව මගින් බැහැර කිරීමග
නමුත් විවිධ හේතූන් මත පැන නැගෙන ගැටලුකාරී තත්ත්වයන් ගණනාවකින් සම රෝගවලට ගොදුරු වේග එය ශරීරයට බාහිරින් පැමිණෙන ක්ෂුද්‍ර ජීවී ආසාදනයක් විය හැකග එවැනි බෝවන රෝග තත්ත්වයන් ස්පර්ශයෙන්ල ලිංගික ක්‍රියා මගින් හෝ අපිරිසිදු කමින් සම්ප්‍රේෂණය වේග එවන් අවස්ථාවකදී වත්මනෙහි ඇති දියුණු තාක්ෂණික ක්‍රම මගින් නිපදවන ලද ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධ වඩාත් යෝග්‍ය වුවද එසේ පිටතින් පැමිණෙන විෂබීජ මගින් සමෙහි ආසාදනයන් ඇති වන්නේ කුමක් නිසාදැයි සලකා බැලිය යුතුයග
සැබැවින්ම ඊට හේතු වනුයේ ක්ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් වැඩීමට අවශ්‍ය පරිසර තත්ත්වයන් :උෂ්ණත්වය හා තෙතමනයන්- එම පුද්ගලයාගේ කායික අභ්‍යන්තර හේතූන් මගින් ඇතිවන බැවිනිග එවැනි අවස්ථාවලදී පිටතින් පැමිණෙන විෂබීජයන්ගේ ආසාදනයන් විකර්ශනය කළ හැකි ඒවාට ඔරොත්තු දෙන ඉහළ ප්රතිශක්තීන් ගොඩනඟා ගැනීමට දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඇසුරු කිරීම යෝග්‍ය වේග
ක්ෂුද්‍ර ජීවී ආසාදනයන්ගෙන් තොරව එනම් බෝ නොවන තත්ත්වයන් යටතේ සමේ ස්වභාවික තත්ත්වයට හානි පමුණුවමින් හටගන්නා විවිධ සමේ රෝග නිට්ටාවටම සුවකර හැකි ක්‍රමයක් තිබේදැයි සොයා බැලිය යුතුයිග
මෙවැනි අවස්ථාවලදී මිහිමත ඇති සියලු වෛද්‍ය ක්‍රම අභිබවමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෙරමුණේ සිටීග
ඉහත කී සමේ රෝග ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ විවිධ හේතූන් නිසා රක්තය දූෂණය වීමයිග
රක්තය දූෂණය වන හේතු මොනවාදරෑ
ශරීර ප්‍රකෘතිය - උපතේ සිටම පුද්ගලයකුට උරුම වන වාල පිත්ල සෙම් දෝෂයන් අතුරින් පිත් දෝෂය අධික වූ උෂ්ණාධික ශරීර තත්ත්වයන් ඇති අයගේ සම පැසවීම බහුල වන අතර එයට වාල සෙම්ල දෝෂවල දායකත්වයෙන් සම වියළීමල ඉරිතැලීම හෝ කැසීම ආදී ලක්ෂණ මතුවේග
ආහාර විහරණයන්
පරිභෝජනය කරන ආහාරවල ආම්ලිකල ප්‍රභවයන් :බිලිංල ගොරකාල සියඹලාල තක්කාලිල අන්නාසි- ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාරවල ඇති ඇස්කොබීන් ඇසිඩ්ල සිට්රික් ඇසිඩ් බහුලත්වය හේතුවෙන් සහ උෂ්ණාධික ආහාර :දෙල්ල කිරි අලල ඉස්සෝල දැල්ලෝල බල මාළුල කකුළුවෝ- අධිකව පරිභෝජනය නිසා කෙලින්ම රක්ත දෝෂ ඇතිවේග
ඊට අමතරව රාත්‍රි නිදිවැරීමල දහවල නිදීමල තද අව්වේ ගමන්බිමන් යැමල කෑ පිට කෑමල විරුද්ධ ආහාර භෝජනයල මත්පැන් භාවිතය ආදී අහිතකර විහරණයන් :ක්‍රියාවන්- නිසා රක්ත දෝෂ හට ගැනීමග
ෆ ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවන්
ඇතැම් පුද්ගලයන්ගේ ආහාර ජීර්ණයේ පවතින දුර්වලතාවන් නිසා ගන්නා ආහාර ශරීරයට ගත හැකි අවසාන ඵල දක්වා භේදනය නොවී අවශෝෂණය වී :මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ආමරසය හෙවත් අමු ආහාර රසය ලෙස දැක්වේග- රක්තයට එකතු වීමෙන් නිරන්තරයෙන් රක්තය දූෂණය වේග
මානසික හේතු මත
නිතර ඇති කරගන්නා වෛරල ක්‍රෝධ සිතුවිලි කනස්සල්ල නිතර කේන්ති ගැනීමල කාර්යබහුලත්වය නිසා ඇතිවන මානසික පීඩනය ආදී හේතූන් නිසා රක්ත දෝෂ හටගනීග
දිගු කලක් දියවැඩියාව පැවතීම
දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ගේ රුධිරයට නිරතුරුවම විෂ කොටස් එකතුවන්නේ එයද ආහාර ජීර්ණයේ විකෘතියක් වන් බැවිනිග දීර්ඝකාලීනව දියවැඩියාවට ඉවක් බවක් නැතිව පෙති ගිලින්නන් එමගින් සමේ රෝග වැනි අතුරු ආබාධ ඇතිවන්නේ යෑයි නිතර මැසිවිලි නගතිග දියවැඩියා රෝගීන් පෙළෙන අතුරු ආබාධ සුවකළ හැකිය- යන මාතෘකාව යටතේ ඉදිරියේදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේග
ඉහත හේතු නිසා හටගන්නා වර්තමානයේ බහුල බෝ නොවන සමේ රෝග මොනවාදරෑ
සමේ පළු දැමීමල ඇතැම් අයට විවිධ දැ ස්පර්ශ වී :ශාකවල බූවල දළඹුවන් ආදී වූ- නිසා විෂම වූ ආහාර වර්ග හෝ කෘමි දෂ්ඨන :මදුරුවන්ල මකුනන්- නිසා සිරුර පුරා පළු දැමීම සහ ආසාත්මිකතාවයන් වලින් ආරම්භ වී ඇතැම් විට දරුණු පීඩාවන් ඇති කරවන අවස්ථා තිබේග
ඇතැම් අයට කැසීම නිසා හෝ සවස් කාලයේ දිය නෑම ඇඟපත සේදීම වැනි අවස්ථාවල පළු දැමීම ඇති වේ :කාන්තාවන් අතර මෙම තත්ත්වය බහුලය-
මදුරුවන් දෂ්ඨ කළ විට හෝ ඉබේටම තැන් තැන් වල ඇතිවන කුඩා බිබිලි විශේෂයෙන් කැසීම නිසා ඇතැමුන්ගේ තුවාල හට ගනීග ක්‍රමයෙන් වේගවත්ව මේවා පැතිරී යයිග ඇතැම් විට තෙත් වූ දිය වගුරයිග මෙවැනි පැතිරෙන සුළු තුවාල ශරීරයේ ඕනෑම තැනක හට ගත හැකියග
ඊටත් වඩා ප්රබලව රක්ත දෝෂ ඇති අයට දෙපාවල දණහිස්වලින් පහළ ප්‍රදේශවල සම පුපුරා තෙත් දියර ගලන අධික කැසීම් සහිත වාත රක්ත අවස්ථාවන් මතුවේග ඇතැම් විට මේවා පාද හෝ ඇඟිලි කරු ආශ්‍රිතව සන්ධිවල කැසීම්වලින් ආරම්භ වේග
සමේ රෝගවල දරුණුම අවස්ථා වනුයේ විවිධාකාරයෙන් හටගන්නා කුෂ්ඨ රෝගයන්යග මේවා බොහෝ විට පෙර භවවලදී කරන ලද අකුසල් කර්මයන්ගේ බලපෑම් මගින් ඇති වන පීඩාකාරී අවස්ථාවන් වේග
ඒ ඒ පුද්ගලයන් ආවේණික වූ කර්මානුරූප හේතූන් අනුව එවැනි කුෂ්ඨ රෝගවල ව්‍යාප්තිය සිදුවී ස්ථානගත වන බැවින් ඖෂධ ප්‍රතිකාරයන්ට සමගාමීවම මෛත්රිසහගතව සිදුකළ හැකි ආසාත්මික පුණ්‍ය ක්‍රියාවන්ට යොමුවීම මෙවැනි අවස්ථාවලදී සිදුකළ යුතුවේග
සමේ රෝග ඇතිවන බොහෝ අවස්ථාවලදී එම රෝගවලට සමගාමීව ඇති වන විවිධ වූ වෙනත් කායික රෝගද හටගනීග ඇදුමල පීනසල අර්ශස් බඩ පුරවා දැමීම මළ බද්ධයල බඩගින්න අඩුවීම හෝ අධික බඩගින්න ආශ්රිත ජීර්ණ පද්ධතියේ දෝෂ :ගැස්ට්‍රයිටීස්- මේ අතුරින් ප්‍රධානත්වයක් ගනීග හිසේ කැක්කුමල නින්ද නොයැමල අධික නිදිමතල අධික ලෙස කේන්ති යැමල ඇස් කන් කැසීමල උගුරේ සෙම පැටලීමල සෙම් ගෙඩිල නිතර සෙම ඇවිස්සීම ආදී බොහෝ රෝග හා රෝග ලක්ෂණ අවස්ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේනික ලෙස ප්රමුඛ වේග
විමර්ශන ශීලීව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියෑළෙන්නන්ට එක විට එක රෝග තත්ත්වයක් හෝ ලක්ෂණයක් පිළිබඳ පමණක් සලකා බැලීමෙන් තොරව ඉහත සියලු ලක්ෂණයන් හෝ රෝග තත්ත්වයන් පිළිබඳව පුළුල්ව සොයා බලා සැලසුම් සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග නිට්ඨාවටම සුවකර ගැනීමට හැකියාව ඇතග
වත්මන් සමාජයේ බුද්ධිමත් විමර්ශනශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව තිරසාර විශ්වාසයක් ගොඩනඟාගෙන තිබුණද මෙම වෛද්‍ය ක්රමයන්හිදී අමුද්‍රව්‍ය සොයා සකසා ගැනීමේ අපහසුතා බොහෝ දෙනෙක් ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට අකමැති වෙතිග නමුත් අප සතු ප්‍රතිකාර ක්‍රම ඕනෑම කාර්යබහුල අයකුට ඉතා පහසුවෙන් ලබා ගත හැකි ලෙස සකසා ඇති බැවින් ඕනෑම රෝගියකුට ඉතා පහසුවෙන් ඖෂධ ලබාගෙන රෝග නිරෝග කර ගැනීමට හැකියාව පවතින බවද කිව යුතුමයග
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks